Colombo Today Local Newsfeatured

රුසියානු ගුවන් යානය රදවාගෙන ඇත්තේ අධිකරණ නියෝගයක් නොමැතිවයි. – රුසියාව ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අත්හිටුවයි.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් රුසියාවට අයත් Aeroflot ගුවන් යානයක් රඳවා තබා ගැනීමේ ගැටලුව දුරදිග ගොස් තිබෙනවා.

ඒ අනුව Aeroflot ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාවට සිදුකෙරෙන ගුවන් ගමන් වහා අත්හිටුවා දමා තිබෙනවා.

මේ අතර අධිකරණය විසින් කටුනායක ගුවන්තොටුපල සහ ගමන් පාලකවරයා වෙත කිසුදු අධිකරණ නියෝගයක් නිකුත් කර නොමැති බව ඊයේ (3) මෙම නඩු කටයුත්ත කැඳවූ අවස්ථාවේ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා සඳහන් කර තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවට සංචාරකයින් විශාලතම පිරිසක් පමිනින්නේ රුසියාවෙන් වන අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය රුසියාවට සිදුකෙරෙන ගුවන්ගමන් පසුගිය දා නතර කර දැමුවා.

ඉන් පසු Aeroflot රුසියානු ගුවන් සේවය ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කලේ සංචාරකයින්ගේ පහසුව සඳහායි.

විදේශ විනිමය මෙරටට අත්‍යවශ්‍ය මොහතක බලධාරීන්ගේ අදුරදර්ශී හැසිරීම රටට කෙතරම් දුරට යහපත් වේවිද?

Related posts

නුසුදුස්සෙක් ඉවත් කරන්න පොලිස්පතිවරයාගෙන් නියෝග

Admin

රාජ්‍ය පොසොන් උත්සවය මෙවරත් මිහින්තලා රාජ මහා විහාරයේදී

Admin

පාතාලය සහ කුඩු රටෙන් තුරන් කරනවා

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුව ස්ථීරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි – ජෝන් සෙනවිරත්න

colombotoday

උසස් පෙළ වෙනස් වෙයි.. අලුතෙන්ම එකතු වූ විෂයන් මෙන්න

colombotoday

කටුවාපිටියේ මරාගෙන මැරුණු බෝම්බ කරුගේ බිරිඳ පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ඉන්දියානු රෝ බුද්ධි අංශ ඔත්තුකාරියක්

colombotoday