Colombo Today Local News

මාදිවෙල නිවාස වෙනුවට පන්නිපිටිය වියත්පුර ව්‍යාපෘතින් මන්ත්‍රීවරුන්ට නිවාස

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනට වෙසෙන මාදිවල නිවාස සංකීර්ණය වෙනුවට පන්නිපිටිය ‘වියත්පුර’ නමින් ආරම්භ කළ නව නිවාස සංකීර්ණයකින් නිවාස ලබා දීමට රජය කටයුතු යොදා ඇත.

ඒ අනුව, පන්නිපිටිය වියත්පුර නිවාස ව්‍යාපෘතියේ B කුළුණෙන් නිවාස ඒකක 101ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමට සූදානම් වේ.

නිවාස ඒකක 500කින් යුත් පන්නිපිටිය වියත්පුර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය B කුළුණේ නිවාස ඒකක 101ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස වශයෙන් වෙන් කිරීමට තීරණය කර තිබේ.

නිවාස ඒකක වර්ග අඩි 750,950 හා 1,050ක ප්‍රමාණයෙන් යුක්ත වන අතර නිවාස ඒකකයක වටිනාකම රුපියල් මිලියන 14.02 සිට 19.8කි.

මෙම ව්‍යපෘතියේ නිවාස ඒකක 101 සඳහා වන වියදම් ඇස්තමේන්තුව වන රුපියල් මිලියන 1,795.34ක මුදල 2022 වසර තුළ මහා භාණ්ඩාගාරයෙන් ලබා දීම හා එයින් 50%ක මුදල වන මිලියන 897.67ක මුදලක් කොන්ත්‍රාත්කරුවන්ගේ වියදම් පියවීමට 2022 වසරේ දෙවන කාර්තුව තුළදී මහාභාණ්ඩාගාරය විසින් නිවාස අධිකාරිය වෙත නිදහස් කිරීමට එකඟ වී ඇති බව කැබිනට් පත්‍රිකාවක සඳහන් වී තිබේ.

2022 මැයි 9 දින රටේ ඇති වූ කලබලකාරී තත්ත්වය මත නිවාස විනාශ වූ මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාව දීමට කටයුතු කරන ලෙස ත් තව ද නිවාස මිලට ගැනීමට එකග මන්ත්‍රීවරුන් සිටී නම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් එම පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා එම අධිකාරියෙන් ඉල්ලා තිබේ.

තව ද දිවි අහිමි වූ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ බිරියට මෙම නිවාස ව්‍යාපෘතියෙන් නිවෙසක් මිල දී ගන්නේ නම් ඊට ද අවස්ථාව සලසන ලෙස එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 200ක් මධ්‍යම ආදායම් ලබන පුද්ගලයන් සඳහා පෙර විකුණුම් පදනම මත ඉදිකර ඇත. එයින් රුපියල් මිලියන 1267.07ක් නාගරික සංවර්ධන අධිකාරියට ලැබී ඇති අතර තවත් නිවාස 50ක් නාවික හමුදාවට දී ඇත.

ඒ සඳහා නාවික හමුදාවෙන් රුපියල් මිලියන 334.07ක් දැනටමත් ගෙවා ඇති අතර තවත් රුපියල් මිලියන 328.14ක් ගෙවීමට නියමිත ය.

දැනට මාදිවෙල පිහිටා ඇති මන්ත්‍රී නිවාස සංකීර්ණය සංවර්ධන කටයුත්තක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවැරීමට නියමිත ය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සඳහා වසරකට කෝටි 25ක් !

colombotoday

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනාධිකරණය දුන් නියෝගය

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin

ඇමතිකම් අතැර ස්වාධීන වෙනවද.. පොහොට්ටුවට එක්වෙනවද.. ශ්‍රීලනිප ඇමතිලා ජනපති හමුවෙයි

colombotoday

දිවයින පුරා නිවාස 15,000ක් නායයාමේ අධි අවදානම් කලාපවල

colombotoday

රනිල් යටතේ 40%යි, සජිත් යටතේ 24%යි – සජිත් මෙහෙයවූ ඇල්පිටියෙන් එජාපය දැවැන්ත පසුබෑමක

colombotoday