Colombo Today Local News

2021 සාමාන්‍ය පෙළ අදින් අවසන්

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වේ.

2021 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත් වීමට තිබූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 05ක් කල් දමා තිබු අතර එය මැයි 23 වනදායි ආරම්භ විය.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 407,129ක් හාපෞද්ගලික අයදුම්කරුවන් 110 ,367ක් පෙනී සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,842ක හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542 ක විභාග කටයුතු පැවැත්විණි.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානය ජලයෙන් යටවී ඇත්නම් ළඟම පිහිටි වෙනත් විභාග මධ්‍යස්ථානයක විභාගයට පෙනි සිටීමට අපේක්ෂකයින්ට පහසුකම් සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනාරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කරන්නේ, ගංවතුරෙන් සිදුවන මාර්ග අවහිරතා වළක්වා ගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් විභාග අපේක්ෂකයින් වෙනුවෙන් අද දිනයේ බෝට්ටු සේවා ද ක්‍රියාත්මක බවයි.

Related posts

“ලංගම මිලියන 3080ක් ගියේ කොයි කුමාරිගේ ගිණුමටද ?”

colombotoday

ඉන්දු පැසිපික් කලාපයේ වටිනාම භූමිය ඇත්තේ ශ‍්‍රී ලංකාවේ – ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය කියයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළට

colombotoday

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday

ඩයනා කර මුලට හිරවෙයි

Admin

අපරාධකරුවන්ට රටින් පනින්න හොර පාස්පෝට් හදපු 3ක් දැලේ..

Admin