6 April 2025
Colombo Today Local News

ලංකාවේ අවුරුදු 18ට වැඩි “හතරෙන් එකක්” දුම් බොන්නන්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම මැයි මස 31 වනදා ලෝක දුම්කොළ නිවාරණ දිනය ලෙස නම්කර තිබේ.

2022 වසර සඳහා ලෝක දුම්කොළ නිවාරණ දිනයෙහි තේමාව වනුයේ “දුම්කොළ අපගේ පරිසරයට තර්ජනයකි” යන්නයි.

දුම්කොළ ලොව පුරා රෝගාබාධ හා මරණ සඳහා ප්‍රධාන හේතුවක් වන අතර බෝ නොවන රෝග වර්ධනය සඳහා ද ප්‍රධාන අවධානම් සාධකයකි.

2015 STEPS සමීක්ෂණයට අනූව ලාංකීය අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ගෙන් ¼ක් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කරන්නන් වන අතර ඔවුන්ගෙන් 15%ක් පමණ දුම්කොළ ආශ්‍රිත දුම්බීම කරන්නන් ද, 15.8%ක් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කරන්නන් ද වේ.

එක්සත් ජාතීන්ගේ අංක 3.4 වන තිරසාර සංවර්ධන ඉලක්කය වනුයේ 2030 වසර වන විට බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන මරණ 1/3කින් අඩු කිරීම සහ වර්තමානයේ දුම්කොළ පරිභෝජනය කරන්නන්ගේ ව්‍යාප්තිය 40%කින් අවම කිරීමයි.

දුම්කොළ භාවිතයෙන් තොර කලාප සහ දුම්කොළ භාවිතයෙන් තොර වැඩපල ස්ථාපනය කිරීම දුම්කොළ පරිභෝජනය වැළැක්වීම හා පාලනයට රුකුලක් වන ප්‍රධාන ක්‍රියාකාරකමක්ය.

මෙවැනි කලාප මගින් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සැකසීම, විකිණීම, භාවිතය සහ ප්‍රවර්ධනය තහනම් කෙරෙන අතර එමගින් එම ප්‍රදේශය තුළ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය අවම කරගැනීමට හැකිවනු ඇති.

Related posts

රට පුරා මහ වැසි… දිස්ත්‍රීක්ක 7ට නායයාමේ අනතුරු ඇඟවීම්

colombotoday

බෙන් එමර්සන් හොරාගේ අම්මාගෙන් පේන අහලා ! හිටපු කොටින්ගෙන් සාක්ෂි අරන් වාර්තා හදයි..

colombotoday

ඉකුත් පැය 48ට අධිවේගීයෙන් ලක්ෂ 700ට අධික ආදායමක්

Admin

ප්‍රබල ජනබලයක් ඉදිරියට ආවොත් මේ ආණ්ඩුවට ඇපත් නෑ – ලාල් කාන්ත

colombotoday

අගුණකොළපැලැස්ස බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday