World

වඳුරු උණ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

මේ වනවිට රටවල් 20 කින් වඳුරු උණ ආසාදිතයන් 200 කට වැඩි සංඛ්‍යාවක් හමු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

එහි වසංගත රෝග වැළැක්වීමේ අංශයේ ප්‍රධානී සිල්වි බ්‍රියන්ඩ් ප්‍රකාශ කළේ එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

බටහිර සහ මධ්‍යම අප්‍රිකානු රටවල දැකිය හැකි මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ යුරෝපා රටවල් රැසකින් වාර්තා වී තිබේ.

කෙසේ නමුත් ඇය සඳහන් කරන්නේ මෙය කොරෝනා වසංගතය මෙන් දැඩි අවදානම් සහිත රෝගී තත්ත්වයක් නොවන බවයි.

වෛරසය ආසාදනය වන බොහෝ දෙනා සති 3 ක් හෝ 4 ක් ඇතුළත සුවය ලබන අතර, මරණයට පත්වීමේ ප්‍රතිශතය 3% සිට 6% දක්වා පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරිනිය වැඩිදුරටත් පවසා ඇත.

Related posts

චීන ගුරුවරුන් ඉලක්ක කර ගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

රුසියාවේ ඉදිකිරීම්,නිවාස සහ උපයෝගීතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday

ලන්ඩන් IS ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දක්වන්න සෞදි පාපන්දු කණ්ඩායම බෑ කියයි..

colombotoday

වතිකානුවේ අපචාර ගැන පාප් තුමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

colombotoday

බ්‍රිතාන්‍යයේ පාලනය තෙරේසා මේ අතට

colombotoday