Colombo Today Local News

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් සහ පොලිස්පති ධුරවලින් ඉවත් කිරීමට යයි

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් සහ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහත්වරුන් එම ධුරවලින් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

පසුගියදා රටේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධියට අදාළ ආන්දෝලනාත්මකව සිද්ධීන් මෙම නිලධාරීන් තනතුරුවලින් ඉවත් කිරීමට හේතු වන බවද වාර්තා වෙයි. එම ප්‍රචණ්ඩකාරී සිද්ධීන්වලදී තම දේපොළ ආරක්‍ෂා කර දීමට පොලිසිය ක්‍රියා නොකළ බව කියමින් පසුගිය රජයේ අමාත්‍යවරුන් රැසක් පොලිස්පතිවරයාව දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබිණි. එහිදී පොලිස්පතිවරයා කියා සිටියේ මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් මර්දනය කිරීමට නොහැකි වූයේ එකී දේශපාලනඥයන්ට තම බල ප්‍රදේශවලට පත්කරගත් සුදුසුකම් නැති ස්ථානාධිපතිවරුන් නිසා බවයි. මෙම සිදුවීම් නිසා පොලිස්පතිවරයා සහ රජය අතර දැඩි අර්බුදයක් ගොඩ නැඟී තිබෙයි.

මේ අතර ඉකුත් 09 වැනිදා ගාලු මුවදොර අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පිරිස් විසුරුවා හැරීමට නොහැකි වූයේ පොලිස්පතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා බලපෑම් කළ නිසා බවට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ ලබාදී තිබිණ. මෙම සිදුවීම නිසා ද පොලිස්පතිවරයා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ රජය අතර අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැඟී තිබිණි.

ඉරිදා දිවයින

Related posts

කසල කළමනාකරණය බිංදුවට වැටේ.. අගමැති නිල නිවස ඉදිරියේත් කුණු කදු ගොඩගැසේ !

colombotoday

දුම්රියේ පඩි වැඩි කළොත් සෞඛ්‍යත් වර්ජණයේ

colombotoday

විජේදාස රාජපක්ෂ තක්කඩි දේශපාලකයෙක්. ඔහුගේ මොලේ චෙක් කරන්න | මුජුබර් රහුමාන් කියයි

colombotoday

සැරයන්වරයකු හෙරොයින් සමඟ මාට්ටු

Admin

සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් ඇනවුම් කරයි

colombotoday

මුන්දලමේ බඹරු ඇන 18 ක් රෝහලේ

colombotoday