Colombo Today Local News

පුද්ගලයෙකු සන්තකයේ තබා ගත හැකි ඩොලර් ප්‍රමාණය අඩුකිරීමට සාකච්ඡා

යම් පුද්ගලයෙකු සන්තකයේ තබා ගත හැකි ඩොලර් ප්‍රමාණය අඩුකිරීම සඳහා පියවර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කළේ, ඩොලර් හිඟයට විසඳුමක් ලෙස මෙම පියවර ගන්නා බව ය.

ඒ අනුව, සන්තකයේ තබා ගත හැකි ඩොලර් ප්‍රමාණය 15,000 සිට 10,000 දක්වා අඩු කිරීමට යෝජිත ය.

ඊට අමතරව, තමාට ඩොලර් ලැබුණු ක්‍රමවේදයන් නිසි පරිදි හෙළිකිරීමට නොහැකි පුද්ගලයින් සතු ඩොලර්, බැංකුවල තැන්පත් කිරීමට තවත් දින දෙකකින් සති දෙකක සහන කාලයක් ප්‍රකාශයට පත්කරන බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Related posts

අද රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

colombotoday

අම්පාර අක්කරෙයිපත්තුව නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කරයි

colombotoday

ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වූ බව ෂෙහාන් මැති සබයට සතුටින් දැනුම් දෙයි

Admin

නිධන් හාරන්න ගිය තිදෙනෙක් මාට්ටු

colombotoday

ජනාධිපති ඝාතනයට බෝම්බ ඇටවූ අයෙක් නිදහස්

colombotoday

උතුරේ රත්‍රන් සෙවූ අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ වැඩතහනම්

colombotoday