Colombo Today Local News

“නව අගමැතිට සමගි ජන බලවේගයේ කිසිදු සහයක් නැහැ”

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ රැස්විමක් අද (13)දින පැවැත්වීමට නියමිතව තිබේ.

පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන්නේ, අද පෙරවරු 10‍.30 ට විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදි මෙම රැස්වීම පැවැත්වෙන බවයි.

එහිදි දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වි ඇති ජනාධිපතිවරයාට එරෙහිව අප්‍රසාදය පළ කිරිමේ යෝජනාව පිළිබඳව ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව ඇතැයි, මහ‍ලේකම්වරයා සඳහන් කරයි.

මේ අතර දැනට පුරප්පාඩු වි ඇති පාර්ලිමේන්තුවේ නියොජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහතාගේ නම යෝජනා කිරිමට සිය පක්ෂය තීරණය කර ඇතැයි ද රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මහලේකම්වරයා සඳහන් කරන්නේ, නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමගි ජන බලවේගයේ කිසිදු සහයක් හිමි නොවන බවයි.

Related posts

නව පළාත් ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරයි

Admin

ගිනිගත් නෞකාවේ හිමිකරුවන්ගෙන් මිලියන 340ක් ඉල්ලයි

colombotoday

මම IGP ට කිව්වා එයා මේක සීරියස් ගත්තේ නැහැ- හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජනාධිපති කොමිසමට සාක්ෂි දෙයි

colombotoday

පරිප්පුත් කාල හමාරයි.. ආනයනික බද්ද අද සිට ඉහළ දමයි

colombotoday

රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි

colombotoday

වැටුප පරිත්‍යාග කරන ජවිපෙ මන්ත්‍රීලාගේ ගෙදර අය කන්නේ කොහොමද? රෝහිත ජවිපෙන් අසයි

colombotoday