World

ශ්‍රී ලාංකිකයන් නීතිවිරෝධීව ඇතුල්වීම වැලැක්වීමට ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව තරකරයි

ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුල්වීම වැලැක්වීම සඳහා ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව තරකර ඇතැයි ‘ද හින්දු පුවත්පත’ පවසයි.

ඉන්දීය වෙරළාරක්ෂකයන් ඉන්දීය මුහුදු සීමාවේ සිදුකරන මුර සංචාර වැඩි කරමින් ආරක්ෂාව තරකර ඇත.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය හේතුවෙන් දෙමළ ජාතිකයන් පමණක් නොව සිංහල සහ මුස්ලිම් ජාතිකයන්ද ඉන්දියාවට සරණාගත තත්ත්වය අපේක්ෂාවෙන් පැමිණීමට ඉඩ ඇති අතර වටරැක බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවන් 50දෙනාද ආරක්ෂක අංශ වලින් පැන යාම සඳහා ඉන්දියාවට පැමිණීමට ඉඩ ඇති බැවින් මෙසේ ආරක්ෂාව තර කළ බව තමිල්නාඩු පොලිසියපවසයි.

වෙරළාශ්‍රිත දිස්ත්‍රික්ක වල ධීවර ජනතාවට යාත්‍රා පැමිණ නතර කරන ස්ථාන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස දැනුම්දී ඇතැයි තමිල්නාඩු පොලිසිය ප්‍රකාශ කර සිටි.

සරණාගතයින් සමග තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයින්ද පැමිණීමට ඉඩ ඇති අතර අවි,මත්ද්‍රව්‍ය සහ අනිකුත් නීති විරෝධී ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද මින් ප්‍රයෝජන ගැනීමට ඉඩ ඇතැයි ඉන්දීය පොලිසිය සැක පළ කරයි.

Related posts

පලස්තීනුවන්ට යුදමය සහ මූල්‍යමය සහාය දෙන දෙන්න. | ඉරාන නායකයා මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ඉල්ලයි.

colombotoday

යුක්‍රේනයේ නගර කිහිපයකටම රුසියාවෙන් දැඩි ප්‍රහාර

Admin

එක් ආසාදිතයෙක් හමුවී නවසීලන්තයම ලොක්ඩවුන්

colombotoday

ඇමරිකාවේ ජනපති පුටුවට කරට කර සටනක්

colombotoday

බොර තෙල් මිල තවත් අඩු වෙයි

Admin

බීජිං හි ගිනි ගත් රෝහලලේ 29ක් මරුට

Admin