Colombo Today Local News

ජනපතිට එරෙහිව ගෙනා විශ්වාසභංගයේ වැරදි කථානායක සජිත්ට පෙන්නයි

සමගි ජන බලවේගය පක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ඒ ආකාරයටම බාරගැනීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් මිස විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නීතිමය ප්‍රතිපාදන නැති හෙයින් යෝජනාව සංශෝධනය කර වෙනත් ගැළපෙන ආකාරයකින් යොමු කිරීමට පියවර ගන්නා ලෙස එම පක්ෂයේ නායකයන්ට දැනටමත් දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරයි.

තමාගේ අදහස ඒ පක්ෂයේ නායකයන් බොහෝ දෙනකු පිළිගත් බවත් ඒ අනුව එම යෝජනාව සමගි ජන බලවේගයේ නායකයන් සමඟ එකතුවී ගැළපෙන සහ නීතිමය වශයෙන් ඉදිරිපත් කළ හැකි ආකාරයට සකස් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට උපදෙස් දුන් බවත් හෙතෙම සඳහන් කරයි.

එසේම ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් දැනටමත් උපදෙස් ඉල්ලා ඇති බව පැවසූ කතානායකවරයා එම උපදෙස්ද අද හෙටම ලැබීමට නියමිත බවත් සඳහන් කළේය.

සමගි ජන බලවේගය පක්ෂය විසින් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව එක් විශ්වාසභංග යෝජනාවක්ද ජනාධිපතිවරයාට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක්ද කතානායකවරයාට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

Related posts

රුපියල් 50 000 කොන්ත්‍රාතුවට චෛත්‍යය ඩෝසර් කරන්නේ කවුද ?

colombotoday

පොලිසියට පහර දුන් 6කට වැඩ වරදී. රාජගිරියේදී මාට්ටු

colombotoday

ජීවත් වෙන්න පහසුම රටවල් අතරින් ලංකාව 73 වැනි තැනට.. ඉන්දියාව අපට පහළින් 130

colombotoday

ගිය ආණ්ඩුවේ අයවැයට වඩා මේ අයවැය සාර්ථකයි.. අපි අත් ඔස්වනවා ! – මහින්ද අමරවීර

colombotoday

මහින්ද මයිත්‍රී රහස් හමුවක්. එන ජන්දෙට දෙපාර්ශවය පුටුවෙන් ?

colombotoday

පැල්මඩුල්ලේ විහාරස්ථානයක් හා නිවාස දෙකක් නිරෝධායනයට

colombotoday