හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට අද පෙරවරුවේ දෙපිරිසක් පැමිණ උද්ඝෝෂණ දෙකක් පැවැත්විය.
හදිසි නීතිය රට තුළ පැනවීමට උපදෙස් දුන් බවට චෝදනා කරමින් නිර්පාක්ෂික පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
ඉන්පසු ඒ මහතාට සහාය පලකරමින් තවත් පිරිසක් පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.