Colombo Today Local News

බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්වයක්

බත්තරමුල්ල හා ඒ අවට මාර්ගවල මේ වන විට රථ වාහන තද බදයක් හටගෙන තිබේ.

ඒ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණි පිරිසක් ඒ අසල විරෝධතාවක නිරතවීම හේතුවෙනි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ශාඛා කාර්යාලවල එක් දින හා සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අද සිදු නොකරන බව දැනුම් දීමත් සමග ජනතාව එලෙස විරෝධතාවයේ නිරත විය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එම කටයුතු අත්හිටුවා ඇත්තේ, හදිසි පරිගණක පද්ධති නඩත්තු කටයුත්තක් බව පවසමිනි.

මේ හේතුවෙන් අනෙකුත් සේවා කටයුතු ද දහවල් 12.30 දක්වා සීමා වනු ඇති.

මේ අතර පොල්දූව වටරවුමේ සිට පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය අදත් වසා දමා තිබේ.

Related posts

ගෑස් සිලින්ඩර් ගිනි ගැනීම් ගැන විමර්ශනයට පත් කළ ජනපති කමිටුව රැස්වෙයි

colombotoday

ජනතාව එන්නත ගැන අහද්දි දෙන්න උත්තර නෑ. කලාව කරගෙන හිටියානම් ඉවරයි. – ගීතා කුමාරසිංහ

colombotoday

හතුරුසිංහට ඉවත් වෙන්නැයි දන්වයි !

colombotoday

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ඉල්ලා අස්වෙයි

colombotoday

මන්ත්‍රී සුපර්ස්ටාර් කිරුළ අනුරට.. දෙක හදුන්නෙත්ති.. මැතිසබේ වැඩිම ක්‍රියාකාරී මන්ත්‍රීලා මෙන්න

colombotoday

ජනපතිට 67යි… රටපුරා පිංකම්…

colombotoday