Colombo Today Local News

ඩිසල් පෙට්‍රල් ඇතිවෙන්න තියෙනවා. – විකිනෙන්නේ අඩුවෙන් – ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියයි

ඩිසල් පෙට්‍රල් ඉන්ධන ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් ලැබෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියන් කියයි, ඉන්ධන අලෙවියේ අඩුවක් ඇති බව ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියයි, තේ කර්මාන්ත ශාලාවට අවශ්‍ය තරම් ඉන්ධන නිකුත් කෙරේ.

පසුගිය සති කිහිපයට සමගාමිව මේ වන විට හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වල පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වලට අවශ්‍ය ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන තොග තිබෙන බව එම ඉන්ධන පිරවුම්හල් හිමියන් පැවසිය.

ඛනිජ තෙල් නිතිගත සංස්ථාව සහ අයි.ඕ.සි සමාගම විසින් තම ඉල්ලුමට සරිලන ඩිසල් සහ පෙට්‍රල් තොග දිනපතා නිකුත් කරන බවත්,ඉන්ධන මිල වැඩි විමත් සමග ඉන්ධන අලෙවියේ අඩුවක් පවතින බවයි එම ඉන්ධන පිරවුමහල් සේවකයින් කියා සිටින්නේ.

වාහන රියදුරන් කියා සිටින්නේ පොලිම් වල රැදි නොසිට තම වාහනවලට ඉන්ධන අවශ්‍යතාවය ඇති වු විට කිසිදු පොලිමක රැදි නොසිට ඉන්ධන ලබා ගැනිමට හැකි බවයි රියදුරන් කියා සිටින්නේ.

මේ අතර තේ කර්මාන්ත ශාලාවලට සහ ඇගළුම් කර්මාන්ත ශාලාවට අවශ්‍ය ඉන්ධන හිගයකින් තොරව ලබාදෙන බවයි ඉන්ධන පිරවුමහල් හිමියන් කියා සිටින්නේ.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

colombotoday

ඊළාම්වාදීන් නිරුත්තර කරන සුදුකොඩි සිද්ධියේ ඇතුල් පැත්ත

colombotoday

අපේ මුහුදු සීමාවේ නැවක් කැරකි කැරකි තියෙනවා – නලින්ද ජයතිස්ස

colombotoday

විදුලිබල, බලශක්ති ටෙන්ඩර් විනිවිදභාවයෙන් යුතුව කිරීමට ඇමති රවීගෙන් උපදෙස්…

colombotoday

විහාරස්ථානවලට දෙන ආධාර රජය කප්පාදු කරලා… විහාරස්ථාන නඩත්තු කිරීම ගැටළුවක් වෙයි..

colombotoday

ඒකාබද්ධයෙන් ආ ශ්‍රියානිට රාජ්‍ය ඇමතිකමක්

colombotoday