Colombo Today Local News

ඊළඟ මාස කිහිපයේ මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙයි

ලිහා දමන්නට හෝ කපා දමන්නට අමාරු ගැටවලට ලංකා ආර්ථිකය මුහුණ දී සිටින්නේ යැයි ද මෙහි අන්තිම ප්‍රතිඵලය ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (28)දින පැවසීය.

කාලයක් තිස්සේ මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහී තිබෙන බව කී වික්‍රමසිංහ මහතා ඩොලර් හිඟය,ආදායම් අඩුවීම,වියදම් වැඩි වීම මෙන්ම දරාගන්න බැරි ණය බර ප්‍රධාන ප්‍රශ්න බව කීය.

දරාගන්න බැරි ණයට ඇතුළත් වන ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙන අතර ඉන් ප්‍රධාන කාරණය වන්නේ මෙරට සංස්ථා ණය බර බවත් විදුලි බල මණ්ඩලය 2021 දී බිලියන 79 ක පාඩුවක් ලබාගත් බව විදුලිබල ඇමතිවරයා ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර පාඩුව මීටත් වැඩි බව ඇතැම් අය ප්‍රකාශ කරන බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.විදුලිබල මණ්ඩලය මේ වසරට බිලියන 100ක පාඩුවක් ලැබෙන බව ප්‍රකාශ කර ඇති අතර එක විදුලි ඒකකයක් සඳහා අයකරන්නේ රුපියල් 17ක් වන නමුත් වියදම රුපියල් 53ක් බව සඳහන් කර ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීය.

Related posts

කිලිනොච්චියේ යතුරුපැදියක් ගිය පාලමක් කඩා වැටී හතරකට තුවාල

Admin

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

colombotoday

ජාතිවාදය එජාප මුල් පුටුවලම ළියලයි.. රජයේ කොන්ත්‍රාත් කබීර් හෂීම් හරහා මුස්ලිම් ජාතිකයන්ට පමණයි !

colombotoday

අඛණ්ඩව 6 වන දිනටත් ගැස් නෑ

colombotoday

පාසල් යන මුවාවෙන් සිසුන්, දෙමාපියන් SPA වල

colombotoday

විදුලි බලාගාර වලට නැප්තා ලීටර ලක්‍ෂ 12 ක්

colombotoday