Colombo Today Local News

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධව අණ දුන් සහ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

එම සිදුවීමට අදාළ නඩු විභාගය අද තුන්වන දිනටත් කැඳවනු ලැබූ අතර එහිදී කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් එම නියෝගය කර ඇත.

රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයෙන් දුම්රිය මාර්ගය අවහිර කරමින් පසුගිය අප්‍රේල් මස 20 වන දින විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත වූ ජනතාව විසුරුවා හැරීමේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 29 දෙනෙකු රෝහල්ගත කළ අතර ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

Related posts

ලංකාවටත් වනජීවී උමං මාර්ගයක්

Admin

රනිල් විශ්වාසභංගයෙන් දිනුවොත් මෛත්‍රීට දෝෂාභියෝගයක් !

colombotoday

අටලුගමදී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදුන් තවත් 4ක් අත්අඩංගුවට

colombotoday

ඥානසාර හිමිට එරෙහි ෆේස්බුක් වාරණයට එරෙහිව උපවාසයක්

colombotoday

ඇමති හර්ෂ කෝලිත් එක්ක ලෝකෙටම පේන්න ශ්‍රී ලංකා කණ්ඩායමට කරපු වැඩේ !

colombotoday

“මහින්ද එලවා මෛත්‍රී – රනිල් ගෙන ඒම ගැන ඉන්දීය රජය සතුටින්“ – ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

colombotoday