Colombo Today Local News

ජනපති ඇතුළු රාජපක්ෂ පවුලේ අය විශේෂ සාකච්ඡාවක්

රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (25)රාත්‍රියේ පවත්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමතිවරුන් වන,චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇතැයි වාර්තා වේ.

රට තුළ ඇතිව තිබෙන බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදය මෙන්ම ආණ්ඩුවට එරෙහිව ගෙන යන මහජන අරගලය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

මෙම සාකච්ඡාව ඊයේ මැදියම් රැය වන තෙක්ම පැවති බව ද වැඩි දුරටත් සදහන් වේ.

Related posts

දෛනික විදුලි කප්පාදුව තවදුරටත්

colombotoday

නිවසට කඩා වැදි තිදෙනෙක් පොල්තෙල් ව්‍යාපාරිකයාට වෙඩි තබා මරලා

Admin

“වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිරයි “

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

සහල් ආනයනය අපේ ප්‍රතිපත්තිය නෙමෙයි හැබැයි චුට්ටක් ගේනවා

Admin

පල්ලියකට ඉඩම දෙන්න බුදු පිළිමයක් ඉවත් කරන්න යයි.. ගෙලිඔය කලුගමුවේ කලබලයක් !

colombotoday