Colombo Today Local News

ප්‍රදේශ රැසකට අද සවස වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව,දකුණ, ඌව සහ වයඹ පළාත්වල අද (26) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද තැනින් තැන වැසි ඇති විය හැකි බව එහි සඳහන් ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර..

Admin

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වූවාට අක්මීමන දයාරතන හිමි පොලිසියට කැදවයි !

colombotoday

පවිත්‍රාට කැපිල්ලක්

Admin

ජනමතවිචාරණය දිනවන්න ලෑස්ති වෙන්නැයි අගමැති NGO ලොක්කන්ට දන්වයි !

colombotoday

හපුතලේ කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු මෙන්න. යානය ගුවන් හමුදාවට අයත් එකක්

colombotoday

බෝගම්බර බන්ධනාගාර ඉඩම සංස්කෘතික හා සංචාරක ව්‍යාපෘති සඳහා අවුරුදු 50ක බදු පදනමට!

Admin