Colombo Today Local News

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද

සංශෝධන සහිතව 19 වන ව්‍යවස්ථාව බලාත්මක කිරීමේ යෝජනාව අද(25) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, අතවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීමේ යෝජනාවක් ලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා එලෙස ඉදිරිපත් කෙරෙනු ඇති.

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද පස්වරු 5.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පවසයි.

සමගි ජන බල‍වේගය, එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීම සඳහා සිය පක්ෂවල යෝජනා පසුගියදා පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත භාර දුන්නේ ය.

එම යෝජනා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා වෙත මේ වනවිට යොමු කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

සෞඛ්‍යය වර්ජනය අඛණ්ඩව

Admin

තල් අරක්කු වලට කැනඩාවෙන් ඉහළ ඉල්ලුමක්

Admin

ආනයනික කිරිපිටි මිල පහළට

Admin

මවක් විසින් ඇලකට විසිකිරීමට ගිය බිළින්දා ප්‍රදේශවාසීන් බේරාගනී

colombotoday

කොටුවේ ඖෂධ හලකින් මත්පෙති 3000ක් මතුවෙයි

colombotoday

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin