Colombo Today Local News

පොඩි මැණිකේ පීලිපනී

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද (18) උදේ 8.30ට ගමන් ඇරඹු පොඩි මැණිකේ දුම්රිය පීලිපැන තිබේ.

බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 1 හමාරක පමණ දුරින් පිහිටි බිංගෙයට නුදුරු ස්ථානයක දී උදෑසන 8.40ට පමණ දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.

එම දුම්රියේ සිටි මගීන් නැවත බදුල්ල දුම්රිය ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව ද වාර්තා වේ.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඇල්ල දක්වා සීමා කර තිබේ.

Related posts

ග්ලයිපොසෙට් හොදායි.. අධි විෂක් නෑ..! තහනම ඉවත් කරන යෝජනාව අද කැබිනට් හමුවට..!

colombotoday

මෝදර, ලෙල්ලමේ ධීවර බෝට්ටු 7ක් අළු වෙයි

Admin

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

colombotoday

බැසිල්ගේ මල්වානේ නිවෙසටත් ප්‍රහාරයක්

colombotoday

මහජන සාමය පවත්වාගෙන යන්න රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි

Admin

රහස් පොලිසියේ පී.සි. ලගත් අයිස්

Admin