Colombo Today Local News

අවසර ලැබූවන්ට හැර කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවයි

අනුමැතිය ලැබූවන් හැර සෙසු පුද්ගලයන්ට බූලි සහ කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවූ බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකු පවසයි.

කර්මාන්ත සඳහා ඉන්ධන ලබා ගැනීමට අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය තිබිය යුතු බවත් කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන ලබාගැනීමට අදාළ ප්‍රදේශය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අනුමැතිය තිබිය යුතු බවත් ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.

ඉන්ධන එක්රැස්කර වැඩිමිලට විකිණීම ඇතුළු අක්‍රමිකතා පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බවත් එවැනි අක්‍රමිකතා පිළිබඳ පොලිසිය වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටින බවද ඛනිජ තෙල් සංස්ථාවේ එම උසස් නිලධාරියා පවසයි.

Related posts

විජේදාස හා ආණ්ඩුව සමග ‘ඩීල්‘ ගැන ඥාණසාර හිමි කතා කරයි (Video)

colombotoday

දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ සහ බේරුවල යළි විවෘත කරයි

colombotoday

හෙරොයින් සමග ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංක අත්අඩංගුවට

colombotoday

ඔබේ වාහනයත් ගංවතුරට හසු වුණාද? එහෙනම් කරන්න ඕන දේ මෙන්න

colombotoday

සියලු මාධ්‍ය නියාමනයට විකාශන අධිකාරියක් පිහිටුවීමට අවධානය

Admin

“සේවකයන් වර්ජනය කළොත්, දුම්රිය සේවය පෞද්ගලීකරණය කරනවා” – ප්‍රවාහන ඇමති

colombotoday