Colombo Today Local News

අද – හෙට හා අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ

අද (13) හෙට (14) හා අනිද්දා (15) දිනවල විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලබන 16 හා 17 දිනවල පැය 2 යි විනාඩි 15 ක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර පවතින වර්ෂාවත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

ඊයේ දිනයේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 26% ක් ජල විදුලියෙන් උත්පාදනය කර තිබේ.

මේ වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම දැක්වෙන්නේ 30% ක් ලෙසයි.

මේ දිනවල කිසිදු ඩීසල් හෝ දැවිතෙල් බලාගාරයක් ක්‍රියාත්මක කර නොමැති බව ද ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර සිටී.

Related posts

ගුවන්යානා, බුල්ඩෝසර්, දියමන්ති වැට් බද්දෙන් නිදහස්.. වැට් නොවදින භාණ්ඩ ලයිස්තුව මෙන්න

colombotoday

21 වැනි ව්‍යවස්ථා සභාවට මන්ත්‍රීන් නොවන සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

Admin

රුපියල ඉතිහාසගත බාල්දුවක… ඩොලරය රු 164ත් පනී…

colombotoday

පොලිස් නිලධාරියාට පහර දුන් මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

colombotoday

ඇහැලියගොඩ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසාදමයි

colombotoday

ආර්ථික ප‍්‍රශ්නවලට වගකිවයුත්තේ විවෘත ආර්ථිකයේ අනිසි ප‍්‍රතිඵලයි. – හිටපු ජනාධිපති

colombotoday