Colombo Today Local News

පරණ අවුරුද්ද සදහා ස්නානය අද

මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ චාරිත්‍ර අතරින් දෙවන චාරිත්‍රාංගය වන පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදට (13)දිනට යෙදී තිබේ.

සිංහල අවුරුදු චාරිත්‍රාංගවල පවිත්‍රතාව කෙරෙහි දක්වනු ලැබ ඇත්තේ ඉතා ඉහළ සැලකිල්ලකි.

කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදෙන ලෙසයි නැකැත් සීට්ටුවේ දැක්වේ.

එබැවින් ඕනෑම සුබ කටයුත්තකට පෙර ස්නානය කිරීමේ චාරිත්‍රයක් ඇතුළත්ව තිබෙනු දැකිය හැක.

අලූත් අවුරුද්ද යනු පාරිශුද්ධත්වය හා සෞභාග්‍ය මුල් කරගත් චාරිත්‍ර විධියක් වන බැවින් ඊට සූදානම් වීම සඳහා මේ ආකාරයෙන් ස්නානය කිරීම යෝග්‍ය බව ජ්‍යොතිශයේ සඳහන් වේ.

මෙවර සිංහල සහ අලුත් අවුරුදු උදාව සිදුවන්නේ හෙට (14) පෙරවරු 08.41 ටයි.

Related posts

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද සිට බලාත්මකයි

colombotoday

සහල් කන්ටේනර් 500 ක් වරායේ හිර වෙලා

colombotoday

සියළුම ආපනශාලා අහාර මිල ඉහළ දමයි

colombotoday

ජිහාඩ් කරන්න ගිය රම්සි රාසික් තවදුරටත් රිමාන්ඩ් – සැකකරුට ඇප ගන්න සුමන්තිරන් දැඩි වෙහෙසක

colombotoday

දෙවැනි එක්දින තරගයේ ජය පාකිස්තානයට

colombotoday

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

colombotoday