Colombo Today Local News

නාවික හමුදා යාත්‍රා දෙකක් එකිනෙකට ගැටී සෙබළකු අතුරුදහන්… දෙදෙනෙක් රෝහලේ

කරෙයිනගර් මුහුදු සීමාවේදී ඊයේ(10) රාත්‍රියේ මුර සංචාරයේ යෙදුනු නාවික හමුදා යාත්‍රා දෙකක් එකිනෙකට ගැටීමෙන් එක් නාවික සෙබළකු අතුරුදහන් වී තවත් සෙබළුන් දෙදෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

අතුරුදහන් වූ නාවික හමුදා සෙබලා මෙතෙක් සොයාගෙන නොමැති අතරම නාවික හමුදාවේ කිමිදුම් බළකාය හා පොලීසිය එක්ව අද (11)දින මෙහෙයුමක් ආරම්භ කර ඇත.

කරෙයිනගර් නාවික හමුදා කඳවුරට අයත් වෝටර් ජෙට් නැමති යාත්‍රා දෙකක නිලධාරීන් විසින් කරෙයිනගර් නාවික ජැටියෙ සිට මුහුදු සැතපුම් 07 ක් පමණ වූ මුහුදු සීමාවේදී සෝදිසි මෙහෙයුමක් සිදුකරන අතර තුරදී සැකකටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය වී ඇත.

අනතුරුව අදාල සැකකටයුතු යාත්‍රාවට නවතින ලෙස නාවික හමුදාව විධානය කළ ද එය නොනවත්වා යාත්‍රා කිරීම හේතුවෙන් අදාල යාත්‍රාව පසුපස නාවික හමුදාව විසින් වොටර් ජෙට් යාත්‍රා දෙකෙන්ම ලුහුබඳින අවස්ථාවේදී යාත්‍රා දෙක එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැක පළ කරයි.

අනතුරත් සමග එක් ය්‍රාත්‍රාවක සිටි නාවික සෙබළකු මුහුදට වැටී දියේ ගිලීමෙන් අතුරුදහන්ව ඇති අතර තවත් සෙබළුන් දෙදෙකු තුවල ලබා කයිට්ස් මූලික රෝහලට ඇතුළත් කොට ඉන් එක් සෙබළකු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

Related posts

මම එජාපයට යනවා – අපේ කණ්ඩායමේ නායකයා ජනාධිපති

colombotoday

ජයම්පතී වික්‍රමරත්න ද්‍රවිඩ සන්ධානයේ කාමරයට වී හැදූ බියකරු ලියවිල්ල

colombotoday

“කුණුටික සුද්ද කරගන්න බැරිව කොහොමද මෙගාපොලිස් කරන්නේ“ – අගරදගුරුගෙන් කනේ පහරක්

colombotoday

ඉතාලියේ සිටියදී රෝග ලක්ෂණ තියෙද්දී, පැනඩෝල් බීලා ලංකාවට ආ දෙදෙනෙකුට කොරෝනා…. නිරෝධායනයට විරුද්ධව ගුවන්තොටුපළේදීත් යකා නටලා !

colombotoday

කුඩු සලිඳුගෙන් පෙත්සමක්

Admin

ජනවාරියේ විපක්ෂ මන්ත්‍රීන් 10ක් එජාපයට.. කෙහෙළියත් ඒ අතර – හැරිසන් කියයි (Video)

colombotoday