Colombo Today Local News

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ(08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති.

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය, ශ්‍රි පාද නල්ලතන්නිය, අප්කට්, සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව ඇද හැලෙයි.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම මේ වන විට එම ජලාශයේ වේල්ලේ අඩි 120 සිට අඩි 48 දක්වා පහල බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.

මේ අතර කාසල්රි ජල පෝෂක ප්‍රදේශ වන හැටන්, නොර්වුඩ්, බගවන්තලාව යන ප්‍රදේශවලට 08 දින පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවති.

පවතින වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ යළිත් සක්‍රිය වි ඇති බවද හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙක් පවසයි.

Related posts

මේ පාවාදීම 1815 දී කළ මහා පාවාදීමට දෙවනි නැහැ

colombotoday

අපරාධ කල්ලියේ සාමාජික පුයිටා අත්අඩංගුවට

colombotoday

වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි

Admin

ඇසිඩ් සමඟ කසිප්පු මාරු වී ගරාජ් බාස් මරුට

colombotoday

පුංචි කාලෙ ඉදන් ආසාවක් තිබ්බා… බදුල්ලෙන් මම පාර්ලිමේන්තු යනවා… වියත්මගේ මුල් 10 අතර මාත් ඉන්නවා – ඕෂධී

colombotoday

ළමයින් පැහැරගෙන විකුණන මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයෙක් සොයාගනී

colombotoday