Colombo Today Local News

අවුරුද්දට ගමේ යන්න විශේෂ බස්රථ සේවා මේ පාර නෑ..

අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙවර විශේෂ බස්රථ සේවා ක්‍රියාත්මක නොවන බව පෞද්ගලික බස් රථ සංගම් සඳහන් කරයි.

අලුත් අවුරුදු වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට(8)දිනයේ සිට විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුනත් පවතින ඩීසල් හිඟය හේතුවෙන් එම සේවා ක්‍රියාත්මනක නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

දිවයින පුරා පවතින උග්‍ර ඩීසල් හිඟය හේතුවෙන් බස් රථ ධාවනයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයිද විජේරත්න මහතා කියයි.

මේ හේතුවෙන් අද (07) දිනයේ ධාවනය වූයේ සමස්ථ බස්රථ වලින් පහෙන් එකක් හෙවත් බස් රථ 4000 කට අඩු සංඛ්‍යාවක් බවත් ඔහු පවසයි.

Related posts

අද සිට දිනපතා විදුලිය කැපෙයි

colombotoday

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

Admin

කෝට්ටේ සමූපකාර බලය ඇල්ලුවා

Admin

ධීවරයින්ට දැනුම් දීමක්..

colombotoday

රාත්‍රි දුම්රියවල තැපැල් මැදිරි අත්හිටවයි

colombotoday

මුදලට ගංජා ප්‍රවාහනය කල සිවිල් ආරක්ෂකයා මාට්ටු

colombotoday