Colombo Today Local News

දුම්රිය මගීන් දැඩි අපහසුතාවට

මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ කාර්යාල දුම්රිය රැසක් අද උදෑසන ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇඳිරි නීතිය හේතුවෙන් රියදුරන් රැසකට උදෑසන රාජකාරියට වාර්තා කිරීමට නොහැකිවී ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න පවසයි.

උදෑසන 7.30 දක්වා ධාවනය කිරීමට හැකිවූයේ කාර්යාල දුම්රිය 5 ක් පමණක් බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කරයි.

අද මුහුදුබඩ දුම්රිය මාර්ගයේදී ද දැඩි තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා.

ඇතැම් ප්‍රදේශවල මගී බස් රථ ධාවනය අඩුවීම හේතුවෙන් මගීන් අපහසුතාවට පත්වීමේ සිද්ධීන් වාර්තා වනවා.

Related posts

අද ක්‍රියාත්මක කාර්යාල දුම්රිය 10ක් පමණයි

Admin

රු.1000 නොදෙන වතු හාම්පුතුන්ට එරෙහිව දැඩි පියවර

colombotoday

උමාඔය ව්‍යාපෘතියේ භූමි පැල්මකින් ජලය මතුවෙයි.. පවුල් 100ක් හදිසියේ ඉවත් කරයි

colombotoday

මධ්‍යම කාරක සභාවේ තීරණය උල්ලංඝනය කල මහින්දට හා නිමල්ට විනය පරීක්ෂණ

colombotoday

සීඅයිඩීය පර්පචුවල් ප්‍රධාන කාර්යාලය වටලයි – බැඳුම්කරයේ රහස්‌ ලිපි රැසක්‌ සොයා ගනී

colombotoday

සහරාන්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යන්න බදියුදීන්ගේ සහෝදරයා උදවු කරලා

colombotoday