Colombo Today Local News

සහරාන්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යන්න බදියුදීන්ගේ සහෝදරයා උදවු කරලා

පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැලසුම් කළ සහරාන් ශෂීම්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා උපකාර කර ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂවරයෙක් ඒ පිළිබඳව අනාවරණය කර ඇති බව සඳහන්.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂවරයෙක් ඊයේ(22) දිනයේ සාක්ෂි ලබාදීම සිදු කළේය.

අද අලුයම එක පමණ වන තුරු එම සාක්ෂි ලබා දීම සිදුකළ බව වාර්තාවේ.

එහිදී එම බුද්ධි අංශ නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ 2018 වර්ෂයේ දී සහරාන් හෂීම් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

ඒ සඳහා උපකාර කර ඇත්තේ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවවේ පසුවන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුදීන් බව හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම රිෆ්කාන් බදියුදීන් මිනිස් ජාවාරම ඇතුළු ජාවාරම් රැසක් සිදුකර ඇති බව ද බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත.

Related posts

මැදි වයසේ පුද්ගලයින් කොවිඩ් ආසාදනයෙන් මියයෑමේ ප්‍රවණතාවය වැඩිවෙලා -වෛද්‍ය හරිත අලුත්ගේ

colombotoday

මුල්ලේරියාව රෝහලේ දී කොවිඩ් ආසාදිත කතුන් 43ක් දරුවන් බිහි කරලා

colombotoday

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට | සැකකරු යාල කැලයට පළා ගිහින්

colombotoday

රණවිරුවන් වෙනුවෙන් මගේ බෙල්ලට තොණ්ඩුව දාගන්නවා !

colombotoday

සාක්ෂි ප්‍රමාණවත් නෑ.. ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් ඉන්දීය ජාතිකයා නිදහස්

colombotoday

මන්ත්‍රී සුමිත් උඩුකුඹුරගේ නිවසට හානි කළ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday