Colombo Today Local News

ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ රජය ඉතාම සංවේදී

අගමැති කාර්යාලයේ සහ අග්‍රාමාත්‍යවරයා යටතේ ඇති අමාත්‍යාංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

පෙර නොවූ විරූ දැඩි අභියෝගයකට රට මුහුණපා ඇති අවස්ථාවේ ඉන්ධන පිරිමසා ගැනීමේ එක පියවරක් ලෙස මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍යවරයාගේ නිල Facebook පිටුවේ සඳහන්වේ.

මෙම අර්බුදය නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ රජය ඉතාම සංවේදී වන බවත් එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග යුහුසුළුව ගනිමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

දුෂ්කරතා මධ්‍යයේ වුව ද ජනතාවගේ ඉවසීම සහ සහයෝගය මතින් 30 වසරක ත්‍රස්ත උවදුර සහ කොවිඩ් වසංගතය ඇතුළු බොහෝ අභියෝග ජය ගත් මෑත ඉතිහාසයක් ඇති බව සිහිපත් කරන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ, එලෙසින් ම මෙම අභියෝගය ද ජය ගැනීම සඳහා සියලු භේද පසෙක ලා අත්වැල් බැඳ ගන්නා ලෙසයි.

Related posts

නවසීලන්තයෙත් රජයට එරෙහිව විරෝධතා

colombotoday

IMF නියෝගය ක්‍රියාක්මක වෙයි.. තෙල් මිල සූත්‍රය මැයි 1දා සිට.. විදුලි මිල සූත්‍රයත් ළගදීම !

colombotoday

මීළග අගවිනිසුරු නම් කෙරේ

colombotoday

පැය අටේ වැඩමුරය ජයගත් 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

Admin

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

colombotoday

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday