Colombo Today Local News

13 වැඩක් නැ උතුරු නැෙඟනහිර ද්‍රවිඩ නිජබිමට ස්වයං පාලනය අරන් දෙන්න – ගජේන්ද්‍ර කුමාර් ඉන්දීය විදේශ ඇමැතිගෙන් ඉල්ලයි

13 වැනි සංශෝධනයෙන් වැඩක් නැති බවත් ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ස්වයංපාලනය ලබාදීමට කි‍්‍රයා කරන ලෙසත් ද්‍රවිඩ ජාතික ජනතා පක්ෂයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඉන්දීය විදේශ ඇමැති එස්. ජායිෂංකර් වෙත සංදේශයක් යොමු කරමින් ඉල්ලා ඇත.

1987 ඉදිරිපත් වූ 13 වැනි සංශෝධනය ද්‍රවිඩ ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඉන් ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්නයට නිසි විසඳුමක් නොලැබෙන බව ද හෙතෙම තවදුරටත් දක්වා තිබේ.

උතුරු නැෙඟනහිර ද්‍රවිඩ නිජබිම ආරක්ෂා වන්නේ ස්වයංපාලනය තුළින් බව පවසන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නිසි ව්‍යවස්ථාවක් යටතේ ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරදෙන ලෙස ද එම සංදේශයෙන් ඉල්ලා ඇත. එසේම එක්සත් උතුරු නැෙඟනහිර ස්වයං පාලනයක් පිළිගන්නා ලෙස ද එම සංදේශයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

විපක්ෂ නායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

“වෙනම රාජ්‍යකට පසුබිම හදන විග්නේෂවරන් වහාම නෙරපිය යුතුයි” – අමරපුර මහානාහිමි

colombotoday

ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවන් වැල නොකැඩී විදේශ ගත වෙයි – මෙරට ගුවන් යානා පදවන්න එතෙරින් ගන්න යයි

Admin

වසන්ත ඝාතනයේ හවුල්වූවන්රැසක් පොලිස් දැලේ

Admin

IMF නියෝජිතයින් අද දිවයිනට

colombotoday