Colombo Today Local News

ෆෙඩරල් ක්‍රමය ගැන අධ්‍යනයට සම්බන්ධන්, සුමන්තිරන් ස්කොට්ලන්තයට !

tna 265

එක්සත් රාජධානියේ සාමාජික රටක් වන ස්කොට්ලන්තයේ ක්‍රියාත්මක ෆෙඩරල් ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් 2016.01.25 වන දින ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වන කටයුතු වල දෙමළ ජාතික සන්ධානය නිරතව සිටියි. එවැනි පසුබිමකදී, මෙම සංචාරය සිදුකර ඇත. තවද, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් 2016.01.27 වන දින ලන්ඩනය බලා පිටත්ව යාමට නියමිත බව දැනගැනීමට ලැබී ඇත.

ස්කොට්ලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති විශාරදයින්ගේ උපදෙස් මත ස්කොට් ලන්තයට සමාන ආකාරයෙන් උතුරේ අර්බුදයට ෆෙඩරල් විසදුමක් සහිත යෝජනාවලියක් සකස් කිරීමට දෙමළ ජාතික සන්ධානය සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය බව ආර්.සම්බන්ධන් මීට දින කිහිපයකට ඉහතදී කිළිනොච්චියේදී ප්‍රකාශ කර තිබුණි. විදෙස් රටවල ක්‍රියාත්මක ෆෙඩරල් ක්‍රම අතුරින් උපරිම බලය බෙදාහැරීමක් ක්‍රියාත්මක වන්නේ ස්කොට්ලන්තයේය.

Related posts

මෛත්‍රීට කියලම මහින්දව අගමැති කරවනවා – ඩිලාන්

colombotoday

වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි

colombotoday

රත්තරං තාවකාලිකව ඉල්ලා අස්වෙයි…

colombotoday

සූරියවැව ප්‍රා.ස ලේකම් අල්ලස් ගද්දී අල්ලයි

Admin

කෘතිම සංහිඳියාවක් ඇති කරන්න ගිහින් රටේ තිබුණ සැබෑ සංහිඳියාව නැති කරා !

colombotoday

අරගල භූමියේ කුඩාරම් කිහිපයක් ඉවත් කරගනී

colombotoday