BusinessColombo Today Local News

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

ලෝකයේ ප්‍රධානතම ආයෝජකයෙක් ලෙස සැළකෙන ජෝර්ජ් සොරොස්ට චීනය නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙන්නේ චීන පාලක කොමියුනිස්ට් පක්ෂයේ නිල මාධ්‍ය වන People’s Daily හරහාය.

චීනයේ මුදල් ඒකකය වන රෙන්මිඹි සාර්ථක මුදල් ඒකකයක් නොවන බවට ජෝර්ජ් සොරෝස් විසින් කරන ලදැයි කියනු ලබන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීනය මෙලෙස ප්‍රතිචාර දක්වා තිබේ. මෙහිදී People’s Daily වාර්තාවට අනුව චීනය විසින් කියා ඇත්තේ රෙන්මිඹි ට එරෙහිව යුද්ධයකට යාමෙන් වළකින ලෙස අවවාදාත්මකව දැනුම් දෙන බවයි.

1997 වකවානුවේදී ආසියානු කලාපය තුළ ඇති වූ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් හා 1992 දී එංගලන්තයේ Bank of England හි කඩා වැටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ ජෝර්ජ් සොරෝස් වෙතයි. මෙවැනි කරුණු හේතුවෙන් චීනය කියා සිටින්නේ තම මුදල් ඒකකය හැසිරවීමට යාමෙන් වළකින ලෙස ජෝර්ජ් සොරෝස් වෙත අවවාදාත්මකව දැනුම් දෙන බවයි.

චීන මුදල් ඒකකය වන රෙන්මිඹි පසුගිය 2015 අගෝස්තු මස සිට මේ දක්වා 5.7% කින් අවප්‍රමාණය වී තිබේ.

පසුගිය දා මෙරට පැවති ආර්ථික සමුළුවෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජෝර්ජ් සොරෝස් ය. ඔහු එහිදී කියා සිටියේ තම ආයෝජන කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ මේ වන විට සොයා බලන බවයි.

Related posts

නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවට

colombotoday

කොළඹ ක්‍රීඩා පිටි මින් මතු දේශපාලන රැළිවලට නෑ.. නගර සභාවෙන් තීරණයක් !

colombotoday

විශ්වාසභංගයේදී අගමැතිවරයා ආරක්ෂා කරනවා. ජනපතිගෙන් එජාපයට පොරොන්දුවක්

colombotoday

වසර හතකට පසු සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් නෞකාවක්

Admin

ගත වූ පැය 72දී 40 දෙනෙක් මග මරුවාට බිලි වෙයි

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාව UN සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි

colombotoday