Colombo Today Local News

“ඉන්දියානුවන්ට රක්ෂා.. අපට හුලං” එක්ටා එපා! – IT වෘත්තිකයෝ වීදි බසී

තොරතුරු තාක්‍ෂණ සේවයේ රැකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරමින් වත්මන් ආණ්ඩුව අත්සන් තැබීමට නියමිත සීපා ගිවිසුමෙහි(Comprehensive Economic Partnership Agreement) අන්තර්ගතයම සහිත එට්කා ගිවිසුමට(Economic and Technology Co-operative Agreement) එරෙහිව තොරතුරු තාක්‍ෂණ රැකියා සුරැකීමේ වෘත්තීය එකමුතුව කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද(26) සවස උද්ඝෝෂණයක් පැවැත්වීය.

දේශපාලන පක්ෂ හා ජාතික සංවිධාන නියෝජනය කරමින් ඒවායේ නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජාතික නිදහස් පෙරමු‍ණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ශ්‍රී ලංකා හරිත පක්ෂයේ සභාපති, වෛද්‍ය සුමිත් වන්නිආරච්චි, මව්බිම ලංකා පදනමේ ලේකම්, නීතිඥ කපිල ගමගේ යන මහත්වරැද ඒ අතර වූහ.

Related posts

ව්‍යාජ අංක තහඩු ගහන් ඉන්ධන පෝලිමට ආ අයෙකුට වැඩ වරදී

colombotoday

2022 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රු.බිලියන 6.3ක ලාභයක්

Admin

උතුම් සිරිපාදය ගැන ඔබ නොදන්න, දැනගත යුතුම දේවල් මෙන්න

colombotoday

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

colombotoday

ගොයම කහ පැහැ ගැන්වූ ප්‍රදේශවලට පර්යේෂණ කණ්ඩායම්

Admin

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ආණ්ඩුව සහ පොලීසිය සැලසුම් කරනවා නම් ජනතාවගේ ආරක්ෂාව ගැටළුවක් – ඒකාබද්ධ විපක්ෂය

colombotoday