Colombo Today Local News

ගෑස් පෝලිමේ සිටි අයෙක් මන්ත්‍රී කනක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් ගහලා

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්ට ගෑස් පෝලිමක රැඳී සිටි ජනතාවගෙන් බරපතළ විරෝධයක් එල්ල වී තිබේ.

අද උදෑසන මෙම සිදුවීම හටගෙන ඇත්තේ කෑගල්ල රංවල අලුත් පාර හංදිය ආසන්නයේ දීයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් අද උදෑසන කෑගල්ල රංවල හන්දිය පසුකර යාමේ දී ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි ජනතාව ඔහු ගමන් ගත් රථයට විරෝධය දක්වා තිබේ.

මෙහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රථය නොනවත්වා ධාවනය කිරීමට උත්සහ දරා ඇති අතර එහි දී ගෑස් පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ඔහු අත තිබූ ගෑස් සිලින්ඩරයකින් එම රථයට පහර දුන් බවයි වාර්තා වන්නේ.

Related posts

රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැළපෙන ආකාරයට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි – ජනපති

Admin

පොලොන්නරුව ඓතිහාසික ගල්පොත විනාශවීමේ අවදානමක්

colombotoday

ඖෂධ වර්ග 56ක් හිඟයි-විපක්ෂයට තියෙන හදිසිය අපිට නෑ

Admin

යහපාලන නිලධාරී මාෆියාවෙන් ITN වල පල්ලට යැවූ හැටි මෙන්න – කළකිරුණු සේවකයෝ ජනපතිට ලියති

colombotoday

නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ තොගයක් විනාශ කරයි

colombotoday

MCC සමාලෝචන වාර්තාව පිළිබදව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාව දැනුවත් කරයි

colombotoday