Colombo Today Local News

ඉන්ධන පිරවුම් හලක් කොල්ලකයි

හිසෙහි ජටා බැඳ තියුණු ආයුධ රැගෙන නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට අද (18) අළුයම පැමිණි පුද්ගලයන් පස්දෙනකු පොම්පකරුවන්ට පහර දී මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි මිරිහාන පොලිසිය සදහන් කරයි.

ඉන්ධන ලබා ලබාගැනීමේ මුවාවෙන් ප්ලාස්ටික් බූලියක් රැගෙන ත්‍රීරෝද රථයකින් පැමිණෙන කොල්ලකරුවන් පස් දෙනා පොම්පකරුවන් අසලට පැමිණ පහරදී,පිටුපස සඟවා ගෙන තිබූ තියුණු ආයුධය අත දරාගෙන බියගන්වා මුදල් කොල්ල කා ඇතැයි වාර්තාවේ.
කොල්ල කෑ මුදල කොපමණ දැයි මෙතෙක් ගණන් බලා නැතැයි පොලිසිය සඳහන් කරයි.කොල්ලය සිදුවන ආකාරය එහි සිසිටිවි කැමරාවක සටහන්ව ඇත.

කොල්ලකරුවන් සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවන් රැසක් ලැබී ඇතැයි ද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කර සිටි.

Related posts

ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීම සාර්ථකයි

Admin

අපේ පැත්තේ හොරුන්ට ඡන්දේ දෙන්න එපා

Admin

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං සැලැස්මට කැබිනට් අනුකමිටුවක්

Admin

එල්ල වූවේ මරාගෙන මැරෙන ප්‍රහාර බවට සැකයක් – ප්‍රහාරයට ලක්වූ හෝටලයකින් රැවුල වවා ගත් හිසක් හමුවේ

colombotoday

තවත් ගැලවෙන්න රෙදි නෑ.. අපි දැන් ඉන්නේ හෙළුවෙන් – ආචාර්ය නිර්මාල්

colombotoday

චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…

colombotoday