Colombo Today Local News

සගවාගෙන සිටි ගෑස් සිලින්ඩර් තොගයක් වටලයි

ගෑස් සමඟ සිලින්ඩර් තොගයක් පාරිභෝගිකයින්ට අලවි නොකර අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ සඟවා ගෙන සිටියදී හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් විසින් සිදුකල කරන ලද වැටලීමක දී සගවා තිබූ ගෑස් සමඟ සිලින්ඩර් තොගය අද (15)දින අත්අඩංගුවට ගෙන පාරිභෝගිකයින්ට නියමිත මිළට ලබාදීමට පියවර ගත් බව හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා කාර් යාලයේ විමර්ශන නිළධාරි දිනුෂ ලක්මාල් මහතා පවසයි.

මෙලෙස මෙම ස්ථානයේ ගෑස් සමඟ ලොරි හතරක සිලින්ඩර් 4000 කට ආසන්න සංඛ්‍යාවක් සඟවා තිබූ බව එම නිළධාරීන් පවසති.

අගුනුකොළපැලැස්ස ප්‍රදේශයේ අදාළ ගෑස් අලවි නියෝජිතයා පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට තිබු ගෑස් සිලින්ඩර තොගයක් මෙලෙස මිල වැඩි වන තෙක් රහසිගතව සගවා ගෙන සිටි හෙයින් ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කල බවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාරිභෝගික සේවා කාර්යාලයේ නිලධාරීහු පවසති.

ප්‍රධාන කාර්යාලයෙන් ලද තොරතුරු අනුව මෙම වැටලීම සිදුකර තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ තිබු සියලු ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයින් හට දැනට පවතින මිලට අලෙවි කිරීමට පාරිභෝගික සේවා නිලධාරීන්ගේ මෙහෙය වීමෙන් සිදුකර ඇත.

Related posts

විදුලි බිලක් ගෙවීමට ඇතැයි අසත්‍ය ප්‍රචාර දියත් කරන්නන්ට එරෙහිව නාමල් නීති මාර්ගයට

Admin

“විප්ලවකාරී වෙනසක් කළා.. රට දැන් සංවර්ධන මාවතේ” – ජනපති ජී7 අමතයි

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය යට ගහන්න ඇතුළෙන්ම කුමන්ත්‍රණයක්

colombotoday

ශ්‍රී රංගා අධිකරණයට ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කරලා

colombotoday

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday

ජනපති සහ ඉන්දීය විදේශ ලේකම් අතර හමුවක්

Admin