World

පුටින් ඇමෙරිකාව චීනය අව්ලුවයි… චීනයට අනතුරු ඇඟවීමක් !

රුසියන් යුක්රේන යුද්ධයේ දී, හමුදා උපකරණ අවශ්‍ය යැයි රුසියාව චීනයේ සහාය ඉල්ලා ඇති අතර, ඇමෙරිකාව චීනයට පවසා ඇත්තේ රුසියාවට උදව් කිරීමෙන් වැළැකී සිටින ලෙසය.

යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් චීනය රුසියාවට සහාය දක්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, එසේ සහාය දීමක් කළොත් චීනයට ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකා රජය අනතුරු ඇගවීමක් ද කර තිබේ.

යුක්රේනය සම්බන්ධයෙන් ගත් හමුදා ක්‍රියාමාර්ගයට එරෙහිව ඇමෙරිකාව ඇතුළු රටවල් රුසියාවට සම්බාධක පැනැවීම් සිදු කර තිබේ. එම සම්බාධක මඟහැර යෑමට ද රුසියාවට චීනයේ සහාය අවශ්‍ය වෙයි.

රුසියා ජනාධිපති පුටින් සහ චීන ජනාධිපති ජින්පින් අතරේ පවතින්නේ ශක්තිමත් මිත්‍රත්වයකි. කොන්දේසි විරහිතව රුසියාවට සහාය දෙනවා යැයි චීනය ප්‍රතිඥා දී තිබේ.

Related posts

ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අධිකරණයෙන් තවත් බාල්දියක්

colombotoday

වසර 50 කට පසු සඳ තරණයට ගගනගාමීන් නම් කරයි

Admin

වෙනිසියුලා ජනපති ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටින් පන්නා දමති

colombotoday

හැරී පොටර් නළු Michael Gambon මිය යයි

Admin

ඉන්දු-පාකිස්ථාන දේශ සීමාව ඇවිළෙයි.. දෙපාර්ශවයෙන්ම බර අවි ප්‍රහාර

colombotoday

තුර්කියේ භූකම්පනයක්

Admin