Colombo Today Local News

පාර්ලිමේන්තු සංකීර්ණයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න නියෝග

පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු සංකීර්ණයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමා සහයෝගය ලබාදෙන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9)දින පැවසීය.

පවතින තත්ත්ව යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ එදිනෙදා කටයුතුවලදී මෙන්ම විශේෂයෙන්ම භෝජනාගාරවලද යම් යම් අඩුපාඩු ඇතිවිය හැකි බව මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එම අපහසුතා මේ අවස්ථාවේදී විඳ දරා ගෙන සහයෝගය ලබා දෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව කතානායකවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කතානායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Related posts

යුද අපරාධ පරික්ෂණයට දෙමුහුන් අධිකරණයක් ඉල්ලා යාපනයේ විරෝධතා

colombotoday

වසර තුනට පුරාවස්තු 777ක් අතුරුදන්

Admin

විහාර දේවාලගම් පණත සංශෝධනයට අපෙනුත් උපදෙස් ගන්න – දේවාල භාරකරුවෝ

colombotoday

ETF කාර්යාලයත් වසා දමයි

colombotoday

කල්මුනේ නගර බල ප්‍රදේශය දෙකඩ වෙයි… සයින්දමරුදුවට නව නගරසභාවක් !

colombotoday

සාගර දේශසීමාවේ ආරක්ෂාව තර කරයි

colombotoday