දැන් සිදුව ඇත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂය නම් කාන්තාවගේ තනපටය ගලවා සිරිකොත වේදිකාවට විසිකර තිබීම බවත්, මඩු වල්ගය අතට ගෙන පාක්ෂිකයන් බලා ඉන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
යක්කලමුල්ලේදී පැවති ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේ.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව අධිකරණ ක්රියාමාර්ගයක් ගන්නා බවද අලහප්පෙරුම මහතා එහිදී කියා සිටියා.