Colombo Today Local News

මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි පහක මුදලක් වැයකර ආරක්ෂක කැමරා සවිකර ඇති බව වාර්තාවේ.

සංස්ථාව පිහිටි ගොඩනැගිල්ලට සවිකර තිබී ආරක්ෂක කැමරා යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින් තිබියදී අලුතින් මෙම කැමරා සවිකර තිබෙන බව සඳහන් වෙයි.

රුපියල් මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ලබා ගැනීම සඳහා බරපතල මුදල් හිඟයකට මුහුණ දී ඇති අවස්ථාවක ආරක්ෂක කැමරා සවි කිරීමට මෙම මුදල වැය කර ඇතැයි කියති.

මෙම සංස්ථාව පිහිටි තට්ටු පහක ගොඩනැගිල්ල පුරාම ආරක්ෂක කමර සවි කර ඇති අතර නිලධාරින්ගේ කාමරවලට අධිතාක්ෂණික ආරක්ෂක කැමරා සවිකර ඇති බව ද වාර්තා වෙයි.

Related posts

මීළග අගවිනිසුරු නම් කෙරේ

colombotoday

පුපුරන ද්‍රව්‍ය කඩිනමින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

“උතුරු – නැගෙනහිර බුදු පිළිම හැදීම වරදක්.. එහෙ බෞද්ධයෝ නෑ” – රාජිත කියයි

colombotoday

කොළඹ – මීගමුව අවට වෙරළ තීරයට ගොඩ ගසන දේවල් අල්ලන්න එපා – එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන දැනුම්දීමක්

colombotoday

සේරුවිල ප්‍රාදේශීය සභාවේ ගැටුමෙන් මාස දෙකක මන්ත්‍රී දීමනාව නවතී

colombotoday

ලාන් කාන්ත රිමාන්ඩ්

colombotoday