Colombo Today Local News

ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිතයෝ මිචෙල් බැචලේ හමුවෙති

ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය හමුවී සාකච්ඡා පවත්වා ඇත.

ජිනීවාහිදී ඊයේ රාත්‍රී මෙම හමුවීම සිදු වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

විවිධ අංශ සම්බන්ධයෙන් බැචලේ මහත්මිය සමග මෙහිදී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහවිදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු මිෂෙල් බැචලේ මහත්මිය මෙසේ හමුවූ පිරිසට ඇතුළත් වූහ.

Related posts

මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

කැළණි ගගේ ජල මට්ටම යළි ඉහළට.. ඉවත් වන්න සූදානමින් ඉන්න !

colombotoday

හෝටල් කාමරයක කතක් ඝාතනය කළ සැකකරු අල්ලන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

Admin

දේශප්‍රේමී රණවිරුවෙකුට දඩුවම් කිරීම කෙතරම් දේශද්‍රෝහි ක්‍රියාවක්ද.. හිටපු ඇමති විජේදාස රණවිරුවා වෙනුවෙන් පෙරට

colombotoday

උතුරු මහ ඇමති – රදගුරු රහස් සාකච්ඡාවක !

colombotoday

දඹුල්ලේ ලොරි,බස් ගැටුමක්. 35කට තුවාලයි

colombotoday