Colombo Today Local News

ඊයේ රාජ්‍ය සේවකයන් ලක්ෂ එකහමාරක් වැඩට ගිහින් නෑ…

ඉන්ධන අර්බුදයත් සමග පැන නැගී ඇති ප්‍රවාහන ගැටලුව හේතුවෙන් රජයේ සේවකයන් සියයට දහයක් පමණ ඊයේ (02) දිනයේ සේවයට වාර්තා කර නැතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

සමස්ත රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 15ක් වන අතර ඉන් ලක්ෂ එකහමාරක පමණ පිරිසක් සේවයට වාර්තා කර නැතැයි එම නිලධාරියා කියයි.

ලංගම හා දුම්රිය සේවාවන් සුපුරුදු පරිදි ධාවනය කෙරෙන නමුත් පෞද්ගලික බස් රථ දහඅටදහසක ප්‍රමාණයෙන් ඊයේද ධාවනය වී ඇත්තේ ඉන් තුනෙන් එකක පමණ ප්‍රමාණයකි.

කාර්යාල ප්‍රවාහන සේවාවන් සඳහා යොදා ගැනෙන බස් රථවලටද ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාව හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට සේවයට වාර්තා කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව තිබේ.

ඉන්ධන ගැටලුව නිසා රජයේ සේවකයන් සතියකට දින තුනක් හෝ හතරක් සේවයට කැඳවීම සම්බන්ධව ජාතික කම්කරු ​උපදේශක සභාවේදී පසුගිය 21 වැනිදා සාකච්ඡා කළද මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැත.

Related posts

මත්පැන් මිල වැඩිවේ

colombotoday

Online පනතේ සංශෝධනය තවත් මාසයකින්

Admin

දිස්ත්‍රික්ක 7ක ප්‍රා.ලේ. කොට්ඨාස 29ක නායයෑමේ අවදානමක්

Admin

බැඳුම්කර කොමිසම අවසන් අදියරේ.. ආරක්ෂාවට STF කැදවයි !

colombotoday

කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..

colombotoday

ඉන්දු – ලංකා හනුමා පාලම හැදුවොත් පුපුරවනවා – ගම්මන්පිල

colombotoday