Colombo Today Local News

තවත් දින 4ක් විදුලි කැපෙයි

මාර්තු මස පස්වැනිදා වන විට විදුලිය කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලයට ​ඊයේ (28)දින දැනුම් දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී විදුලිය කප්පාදුව සහ ඉන්ධන අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

ප්‍රවාහන අර්බුදය සහ ඉන්ධන අර්බුදයද මාර්තු මස අවසන් වන විට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඇමැති බැසිල් රාජපක්ෂ විශ්වාසය පල කර සිටියේය.

තවද දුම්රිය හා බස් රථ සඳහා ඉන්ධන ලබාදීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදීමේ යෝජනාවක්ද ඉදිරිපත් විය. එය ඉදිරියේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීන්දු විය.

ධීවරයන්ට භූමි තෙල් සහනාධාරය අඛණ්ඩව ලබා දීම හෝ දිරි දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන්ද ඇමැති මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

Related posts

කණ්ඩායම් වගකීම චරිත්ට

Admin

ගොවි පවුල් ලක්ෂ 12කට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර

Admin

අඹු-සැමි යුවළක් තරුණයෙක්ට නිරුවත් කර පහරදෙයි

colombotoday

ඉන්දීයාවෙන් සහල් මෙට්‍රික්ටොන් 40,000 ක්

colombotoday

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

Admin

මියන්මාර් මුස්ලිම් සංක්‍රමණිකයන් පිරිස පිටුවහල් නොකෙරේ ! ලංකාවේ රදවා ගැනීම නියෝග..

colombotoday