World

රුසියා – යුක්‍රේන අර්බුදය ගැන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද

රුසියා – යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද (28)දින පැවැත්වෙයි.

ඒ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙන ආ විශේෂ යෝජනාවකට අනුවයි.

නිශේධ බලය යොදා රුසියාව අදාළ යෝජනාව පරාජය කිරීමට උත්සහ කළ ද‍, එක්සත් ජාතීන්ගේ විශේෂ යෝජනාවක් බැවින් එය නිශේධ කිරීමට රුසියාවට නොහැකි විය.

අද පැවැත්වෙන සැසියේදී රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් 193 දෙනාටම අවස්ථාව හිමි වේ.

ලෝකයම එලෙස රුසියා – යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැරසෙද්දී, න්‍යෂ්ඨික හමුදා සීරුවෙන් තබන්නැයි රුසියා ජනාධිපති විලැද්මීර් පුටින් නියෝග කර තිබේ.

ලොව විශාලතම න්‍යෂ්ඨික අවි ගබඩාව පිහිටා ඇත්තේ රුසියාවේ, මොස්කව් නුවරයි.

යුක්‍රේන හමුදා පවසන්නේ ඉරිදා දිනය, සිය සාමාජිකයින්ට ඉතාම අසීරු දිනයක් වූ බවයි.

රුසියා හමුදා අඛණ්ඩව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර හමුවේ අවතැන්වී ඇති යුක්‍රේන වැසියන් සංඛ්‍යාව මිලියන 7 කි.

ළමුන් 14 දෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 352 දෙනෙකුට දිවි අහිමි කළ යුද ගැටුම්වලින් තවත් 1684 දෙනෙකු තුවාල ලබා තිබේ.

Related posts

BREAKING : ඉක්වදෝරයට 6.7 ක දරුණු භූ කම්පනයක්

colombotoday

නවසීලන්තයේ 41වන අගමැති දිවුරුම් දෙයි

Admin

ඊලොන් මස්ක් අභිබවමින් බර්නාඩ් ආර්නෝල්ට් ලොව පළමු තැනට

Admin

සෘජුව පෙනහැලිවලට ගොස් මරණයට පත්වන 18 ගුණයක් ප‍්‍රබල කොරෝනා ප‍්‍රභේදයක් ඉන්දියාවෙන්.

colombotoday

කරුණු 4කින් යුත් ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියට අත්සන් තබයි…

colombotoday

“ඉවසුවා ඇති.. මානවහිමිකම් නීති පැත්තක දමා ත්‍රස්තවාදයෙන් රට බේරාගන්නවා“ – බ්‍රිතාන්‍ය අගමැතිණිය

colombotoday