Colombo Today Local News

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තරයට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ සදඟා සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටී.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී ඔහු දැක්වූ අදහස්….

“රන්ජන් රාමනායක ජනතාවාදී මානව හිතවාදියාගේ නිදහස වෙනුවෙන් අදටත් අපි ප්‍රජාතන්ත්‍රවාදී සටන සහ අරගලයේ සිටිනවා. විශේෂයෙන්ම එතුමා සිරගත වී සිටීම අපටත් රටටත් දැනට පාඩුවක් හැටියටයි මම දකින්නේ. අද වගේ දවසක රන්ජන් රාමනායක මැතිතුමා නිදහස්ව සිටියානම් මේ රටේ දුක්විඳින ජනතාවගේ දුකට පිහිට වන්නට එතුමා ඉමහත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. රංජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්න කියලා පුන පුනාම ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කළා. නමුත් තවමත් එතුමාට ඒ නිදහස ලැබිලා නෑ. අපි කාරුණිකව මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්න කියලා නැවතත් ඉල්ලනවා.”

Related posts

පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

colombotoday

පොලොන්නරුව ඓතිහාසික ගල්පොත විනාශවීමේ අවදානමක්

colombotoday

අලුත් අවුරුද්දට අඩු ආදායම්ලාභීන් දෙන 5000 දීමනාව අද සිට

colombotoday

සජබයේ තනතුරු දෙකක් වෙනස් වෙයි

Admin

කුවේට් ගෘහ සේවිකාවන් බහුතරයකට කොවිඩ්

colombotoday

මා ආර්ථික පඬිවරයෙක්.. ගරා වැටුණු ආර්ථිකය ගොඩ අරන් මං අගමැති වුනාම සෑම පවුලකටම රුපියල් 20,000 ක ආධාරයක් ලබා දෙනවා

colombotoday