Colombo Today Sports News

දික්වැල්ල සහ ධනංජය ද සිල්වා 20-20 සංචිතයට කැඳවයි 

ඉන්දීය කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයයට එක්වීමේ අරමුණින් ක්‍රීඩකයින් 08 දෙනෙකු ඉන්දියාව බලා පිටව ගොස් තිබෙනවා.

ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය මෙලෙස ඉන්දියාව බලා පිටව ගොස් ඇති ක්‍රීඩකයින් වනවා.

මේ අතර මෙම ක්‍රීඩකයින් 08 දෙනා අතර සිටින නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා ඉදිරි විස්සයි විස්ස තරග දෙක සඳහා ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කිරීමට අවසර ඉල්ලා ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව ලබන 27 වනදා අවසන් වීම හේතුවෙන් ඒ සඳහා ඉන්දියාවෙන් අවසර හිමිව නොමැති බවයි වාර්තා වන්නේ.

නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා මෙරට තුළදීත් ජෛව ආරක්ෂිත බුබුළක රැඳී සිටීමෙන් අනතුරුවයි ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා ඉදිරි විස්සයි විස්ස තරග දෙක සඳහා එක්කර ගැනීමට ඉන්දීය බලධාරීන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා
සිදුකරමින් පවතින බවයි තේරීම් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසුවේ.

මේ අතර දෙරට අතර දෙවන සහ තුන්වන විස්සයි විස්ස තරග හෙට (26) සහ අනිද්දා (27) යන දිනයන් වලදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

Related posts

මැතිව්ස් ආපසු ගෙදර එයි

colombotoday

පිතිකරුවන්ගේ බියකරු සිහිනය වනිඳු හසරංග – ICCයෙන් වීඩියෝවක් එළියට

Admin

ශ්‍රි ලංකාවට ලකුණු 462 ක අභියෝගාත්මක ඉලක්කයක්… අද තරගයේ සම්පූර්ණ වාර්තාව මෙන්න

colombotoday

IPL නව කණ්ඩායම් දෙකේ අයිතිය කෝටි 12,000 කට අලෙවි වෙයි

colombotoday

මෙවර විස්සයි 20 ලෝක ශූරයන්ට කෝටි 58ක ත්‍යාගයක්

colombotoday

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin