Colombo Today Local News

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි පාර්ලිමේන්තුවට

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88 කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තුවේදී අද (22) පෙරවරුවේ භාර දුන්නේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිෂමේ අවසන් වාර්තාව 2021 අප්‍රේල් 08 වන දින පාර්ලිමේන්තුවට භාර දුන් අතර නීතිමය හේතුන් මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකළ අතර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අදාළ ලිපිගොනු පාර්ලිමේන්තුවට භාරදුන් බවත් ජනාධිපති මාධ්‍ය අංශ කියයි.

Related posts

බේරුවල, අකුරණ, කල්මුණේ ISIS සබදතා ඇති අන්තවාදීන් ගැන බුද්ධි අංශ හෙළි කරයි !

colombotoday

රුසියාවෙන් ඉන්ධන ගන්නැයි පක්ෂ 12ක් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

අරගලකරුවන් පස්දෙනෙක් නුවරඑලියේ සැඟව සිටියදී අත්අඩංගුවට

colombotoday

ඉඩම් වංචාවක් ගැන හොයන්න විපක්ෂ නායක මුතුරාජවෙලට යයි

colombotoday

බුදු පිළිම කැඩූ මුස්ලිම් අන්තවාදීන් බෝම්බ හැදුවේ දළදා මාළිගාවට පහරදීමටද?

colombotoday

සිමෙන්ති මිල රු. 500 කින් ඉහළට

colombotoday