Colombo Today Local News

“මං උඹට කුඩු පට්ටම් වෙන්න ගහනවා..” නිශාන්තගේ හඬ පටයක් එළියට

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා හට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් යොමුකළ තර්ජනාත්මක හඬපට කිහිපයක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ රණවරාපිටිය ප්‍රදේශයේ මාර්ගයකට මුල්ගල් තැබීමේ සිද්ධියක් පිළිබඳව ඇති වූ මත ගැටුමක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් වට්ස් ඇප් ඔස්සේ නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍යවරයා වෙත මෙම හඬපටය යොමුකර තිබුණි.

ඒ පිළිබඳව අප රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා ඔහු සඳහන් කරන්නේ මෙම හඬපට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් තමන්ට යොමුකළ බවය.

මේ අතර නිමල් ලාන්සා අමාත්‍යවරයා සිය පෞද්ගලික කාර්යය මණ්ඩලය අමාත්‍යාංශයෙන් ඉවත් කරගෙන අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට සැරසෙන බවට පසුගිය 16 වනදා ජාතික පුවත්පත් කිහිපයක්ම වාර්තා කර තිබුණි.

ඒ අනුව ඊයේ පැවැති මාධ්‍යහමුවකදී නිමල් ලන්සා අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයෙන් පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉවත් කරගැනීම අනුමත කළ නොහැකි බවද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඊයේ (17)දින පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

Related posts

සජිත්ට පොලු මුගුරුවලින් ගසා පන්නයි

colombotoday

මලික් සමරවික‍්‍රමට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්?

colombotoday

විදුලි සේවකයන් බලාගාරවලින් ඉවත් වෙයි… පැය 24ක් විදුලිය බිද වැටීමේ අවදානමක් !

colombotoday

උදයංග වීරතුංග ජනාධිපති කොමිසමට

colombotoday

අප්‍රේල් 18 තෙක් මදුෂ් ලංකාවට පිටුවහල් කරන්නේ නෑ

colombotoday

ප්‍රභාකරන් බේරාගැනීමට ඇමරිකාව, නෝර්වේ උත්සහා කල බව ඉන්දියාව මුල්වරට හෙළි කරයි !

colombotoday