Colombo Today Local News

භූතයෙකු ආරුඩ කරගත් පුතා මව මරා දමයි

ඉතාලියේ මිලානෝ හි පිහිටි සිය නිවස තුළදී ශ්‍රී ලංකික කාන්තවක් ඝාතනය කළේ යැයි කියන ඇගේ 25 හැවිරිදි පුත් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් 15 මෙම ඝාතනය සිදු කර ඇතැයි වාර්තා වෙයි.

මෙසේ මරාදමා ඇත්තේ නාත්තණ්ඩිය මූදුකටුවේ දමයන්ති රත්නායක නමැති 54 හැවිරිදි මවකි.

තමාගේ සිරුරට ආරූඪවී ඇති ඥාතියක් මව මරා දමා ඇති බව සැකකරු අවට අයට කෑගසා පවසා ඇත.

සැකකාර පුතා මෙරට සිටියදී නාත්තන්ඩිය ප්‍රදේශයේ දේවාලයකට සම්බන්ධ වී කටයුතු කර ඇත.

පසුකාලයක සැකකරු තමාගේ සිරුරට භූතයකු ආරූඬවී ඇති බව කියා නිතිපතා නිවසේ පහනක් දල්වා එම භූතයාට බව කියමින් වැඳුම් පිඳුම් කර ඇති බව ද වාර්තා වෙයි.

Related posts

කොවිඩ් ආසාදියින් කිසිඳු පරීක්ෂාවකින් තොරව දින 10න් වැඩට ගෙන්න ගන්න චක්‍රලේකයක්

colombotoday

චමල් රාජපක්ෂට රාජ්‍ය ඇමති ධුරයක්..

colombotoday

වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවතට

colombotoday

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

colombotoday

ගෝඨා පාවා දී නිදහස් වෙන්නැයි CIDය බලකරලා.. සිරගත බුද්ධි සෙබළාගේ බිරිද රටට හෙළිකරයි

colombotoday