Colombo Today Local News

මතුගම නිවසකට කඩා වැදී දෙදෙනක් කාන්තාවක වෙඩි තබා ඝාතනය කරයි

මතුගම, බාලිකාපාර ප්‍රදේශයේදී නිවසකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙක් කාන්තාවක වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබේ.

පොලීසිය සදහන් කරන්නේ,ඊයේ රාත්‍රී සිදු වූ වෙඩි තැබීමෙන් 38 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ පොලීසිය තිබී ටී. 56 උණ්ඩ කොපු 06 ක් සොයා ගෙන තිබේ.

සැකකරුවන් මෙම කාන්තාවගේ ස්වාමි පුර්ෂයා ඝාතනය සඳහා පැමිණ ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී නිරීක්ෂණය වී ඇති බවත් වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ නිවසේ සිටිය ද වෙඩි තැබීම්වලින් ඔහු බේරී ඇති බව ත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related posts

රටට බොරු කී සිපෙට්කෝ සභාපති ඉල්ලා අස්විය යුතුයි

Admin

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය : අභියාචනාධිකරණයෙන් යළි නියෝගයක්

colombotoday

බිමත් පුද්ගලයෙකුගෙන් පහරකෑ කතක් මරු දකි..

colombotoday

බදුර්දීන්ගේ රුව සහ පක්ෂ ලකුණ යෙදු ගිණි පෙට්ටි බෙදු අය අත්අඩංගුවට

colombotoday

ආනයනික පොල් තෙල් වර්ග රැසක් කෑමට තියා ඇගේ ගාන්නවත් සුදුසු නෑ – පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති

colombotoday

මන්ත‍්‍රීවරයකු මිලියන 100 සිට මිලියන 500 දක්වා මිල නියම වුණා…. මැතිසබය රැස් කළානම් මරා ගන්නවා – ජනපති ජාතිය අමතයි

colombotoday