Colombo Today Local News

මහපොළ සංශෝධන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14)දින සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව එම පනත් කෙටුම්පත එදින සිට බලාත්මක වන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය 8 වෙනිදා සංශෝධන සහිතව සම්මත විය.

මෙම සංශෝධන පනත් කෙටුම්පත මඟින් 1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනතේ දීර්ඝ නාමය “ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත” ලෙස වෙනස්විය.

මීට අමතරව තවත් සංශෝධන ගණනාවක්ද ඊට ඇතුළත් කෙරිණ.

Related posts

ඉන්ධන මිල ඉහළනැංවීමට යෝජනාවක්

colombotoday

විපක්ෂ නායක අසුන අල්ලාගත් මන්ත්‍රීගේ ධූරය අහෝසි වන ලකුණු?

Admin

අරලියගහ මන්දිරය හිස් කරන්න ඉහළම තැනකින් නියෝග… කාර්යමණ්ඩලය අද රෑ ඉවතට…

colombotoday

ඥානසාර හිමිට දඬුවම් දීම රටට ජාතිය අහිමි වීම සහ ජාතියට රට අහිමි වීමේ එක් අවස්ථාවක්. ඉඳුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

නීතිවිරෝධීව ගෙන්වූ මිලියන 300ක භාණ්ඩ සහිත බහාලුමක් රේගු භාරයට

Admin

පොලිස් වෙඩි පහරින් එක් ඇසක් නොපෙනන පාරේ ගිය රාජා මිය යයි

Admin